මාවතක වීදි දිග
අහම්බෙන් හෝ
ඔබ මා
මා ඔබ
හමුවේවි
එහෙත් නන්නාදුනන හෙයින්
අප සිනසේවිද ?
කතා කරාවිද ?
ඔබත් මමත් මේ හිස් අහසට මුදාහරින
අසීමිත අසන්තතික සිතිවිලි
කොතන කි කලක හමුවේද
හුරුපුරුදු යැයි හැඟේවිද ?
එහෙත් ඔබ මා හඳුනා ගනීද ?
මා ඔබ හඳුනා ගනීද ?
අපි ප්‍රශ්න වල ගිලේවි
අනන්තයක් දුර සිතාවි
එහෙත් යලි සිනාසේවි
සිතිවිළි විතරක්
.
.
.
අවකාශ මුල්ලක තනිවේවි
No comments:
Post a Comment